Saturday, October 19, 2024

General line - 0115112241

වැඩබලන මුද්‍රණාලයාධිපතිවරයාට පඩිය ලැබෙන විදිහ ගැටලුවක් ලු




වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ද සිල්වා ඉන් ඉවත් කෙරුණද තවමත් ඔහු එම තනතුරට අදාළ වැටුප් සහ දීමනා ලබාගනිමින් සිටින බව වෘත්තීය සමිති චෝදනා කරනවා.

රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සරත් ලාල් පෙරේරා සඳහන් කළේ මේ වනවිට හිටපු වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අනියුක්ත කර ඇති බවයි. විගණන විමසුමකින්ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බව ඔහු ප‍්‍රකාශ කළා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් හිටපු වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපති ලලිත් ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ තමන්ට හිමි වැටුප් සහ දීමනා මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ගෙවීමේ පදනම මත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී සඳහා තමන් අනියුක්ත කර ඇති බවයි.

edd3f761-cb60-4a93-bd1c-523fa12934e1