Sunday, May 5, 2024

General line - 0115112241

විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු ඇගයීමට නව තාක්ෂණය ගෙනෙයි

නිශාන් ද සිල්වා




සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි රාජ්‍ය විභාගවල බහුවර්ණ ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ඇගයීම සඳහා ඉදිරියේදී නව තාක්ෂණය උපයෝගී කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. එහි එක් අදියරක් ලෙස එම පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා OMR යන්ත‍්‍ර භාවිතයට ගැනීමටයි තීරණය කර ඇත්තේ.

මීට පෙර ද මෙම යන්ත‍්‍ර පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා යොදාගෙන ඇතත් පසුව එය නතර කෙරුණා. මෙම යන්ත‍්‍ර නැවත හඳුන්වාදීමෙන් සහ නව තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ප්‍රතිඵල වඩා නිවැරදිව සහ කඩිනමින් ලබාදීමයි විභාග දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වී ඇත්තේ.

මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස සනත් පූජිත අද වැඩභාර ගැනීමට නියමිතයි. ඒ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පූෂ්පකුමාරගෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.