Sunday, May 5, 2024

General line - 0115112241

මාලි රාජ්‍යයේ ගැටුම්වලින් සාමසාධක භටයින් සිව්දෙනකු මරුට

බීබීස ඇසුරෙන්




දකුණු අප‍්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සිදුවූ ගැටුම්වලින් එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ස්ථාන දෙකකදී  ඊයේ (24) සිදුවූ මෙම ගැටුම්වලින් මාලි සොල්දාදුවකු ද මියගොස් තිබුණා.

ජීවිතක්ෂයට පත්වූවන් පිළිබ තහවුරු කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.

එම සංවිධානයේ සාමසාධක හමුදා, 2013 වසරේ සිට මාලි රාජ්‍යයේ සාමය තහවුරු කිරීම සහා යොදවා සිටිනවා.

බර්කිනා ෆාසෝ සහ නයිජර් දේශසීමාවන්හිදී ඉස්ලාමීය සටන්කාමීන් විසින් මාලි සොල්දාදුවන් හා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා වෙත දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන බවයි එරට වාර්තා පවසන්නේ.