Sunday, May 5, 2024

General line - 0115112241

සංක්‍රමණිකයින් 140 ක් රැගෙන ගිය බෝට්ටුවක් පෙරළෙයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි - අන්තර්ජාලය ඇසුරෙන්




නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ලිබියානු මුහුදේදි පෙරලීමෙන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෝට්ටුවේ ගමන් ගත් පුද්ගලයන් 60 දෙනකුගේ දිවි බේරාගැනීමට සමත් වී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

එම බෝට්ටුවේ විශාල පිරිසක් ගමන්ගැනීම මෙම අනතුරට හේතුවී තිබෙනවා.

ලිබියානු වෙරළාරක්ෂක බළකාය පැවසුවේ අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 140 දෙනකු පමණ සිට ඇති බවයි. අනතුරට පත්වූවන් අතර කුඩා දරුවන් ද වනවා.

විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයි. යුරෝපය බලා ගමන් කරන මෙවැනි නීතිවිරෝධී සංක‍්‍රමණික බෝට්ටු අනතුරට ලක්වීමෙන් පසුගිය සතියේදී පුද්ගලයින් 1350 ක් පමණ ගලවාගත් බවයි ලිබියානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේ.