Sunday, April 28, 2024

General line - 0115112241

අලුත්ගම නගරයේ වෙඩි ප්‍රහාරයක්! කොල්ලකරුවන්ට සැලසුම වැරදී.. සිදුවූ දේ (VIDEO)




අලුත්ගම නගරයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකෑමට තැත්කළ උත්සාහයක් ව්‍යර්ත වී තිබෙන බව වාර්තා වනවා. 

පොලිසිය සඳහන් කළේ අද (28) පස්වරු 2.50 ට පමණ සම්පුර්ණ මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ පැමිණි දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑමට උත්සාහ කර ඇති බවයි. 

කෙසේවෙතත් එම අවස්ථාවේදී ඔවුන්ට මුදල් කොල්ලකෑමට නොහැකි වී ඇති අතර වෙළඳසැලේ බිත්තියකට වෙඩි තබා පළාගොස් තිබෙනවා. 

මෙම සිද්ධිය පිළිබඳ අලුත්ගම පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

දර්ශන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන්.