Sunday, April 28, 2024

General line - 0115112241

පොලිස් භාරයේ සිටි සැකකරුවකු පලායාමේ සිද්ධියකට අරනායක පොලීසියේ දෙදෙනකුගේ වැඩ තහනම්

සමන් විජය බණ්ඩාර - කෑගල්ල




පොලිස් සිර මැදිරියෙන් සැකකරුවකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අරනායක පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම සැකකරු අරනායක දෙයියන්වල ප්‍රදේශයේදී ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා ළ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

පොලිස් සිර මැදිරියේ දොර විවෘත කර ඔහු පොලිස් ස්ථානයෙන් පලාගොස් ඇති බවයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සහා විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.