Saturday, April 27, 2024

General line - 0115112241

අලුත් මුහුණු පහක් ඕස්ටේ‍්‍රලියා සංචිතයට




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා පහලොස් දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතය අද (21) ප‍්‍රකාශයට පත් කළා.

නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල් උප නායකයා ලෙස නම් කර තිබෙනවා.

සංචිතයට නවක ක‍්‍රීඩකයින් පස් දෙනෙකු ඇතුළත් වනවා.

ධනංජය ද සිල්වා, රෝෂේන් සිල්වා, විශ්ව ප‍්‍රනාන්දු, අසිත ප‍්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් එම ක‍්‍රීඩකයින් වනවා.

දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් සංචිතයේ සිටින සෙසු පිතිකරුවන්.

නුවන් ප‍්‍රදීප්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් සංචිතයේ සිටින පන්දුයවන්නන් වනවා.

පළමු ටෙස්ට් තරගය ලබන විසි හයවනදා ආරම්භ වීමට නියමිතයි.