Friday, September 20, 2024

General line - 0115112241

එජාපය සමග නිදහස් පක්ෂය තවත් ගිවිසුමකට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා සමග එක්ව අද(21) පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වසර දෙකකට අත්සන් කරන ලද සම්මුති ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කිරීම සඳහාවූ ගිවිසුම අත්සන් කර වසර 5ක් දක්වා එකට වැඩ කරන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට එක්වූ කබීර් හෂීම් මහතා සඳහන් කළේ මෙම සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම දීර්ඝ බවයි.