මත්තල ගුවන්තොටුපලින් ඩුබායි බලා යෑමට පැමිනෙන ගුවන් මගීන්ට ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තහංචි පැනවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූ බව ගුවන් මගීහු පවසනවා.
අද (19)උදේ මත්තල ගුවන් තොටුපලට ඩුබායි යෑමට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් හරවා යැවීම සිදු කර ඇති බව මත්තල ගුවන් තොටුපල කළමණාකාරිත්වය සඳහන් කළා.
මෙම තත්ත්වය සම්බන්දව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්යභාර නිළධාරීවරයා සඳහන් කර සිටියේ පසුගිය දින කිහිපයෙත් මේ ආකාරයට ගුවන් මගීහු කිහිප දෙනෙකුගේ ගුවන් ගමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නතර කර බවයි.
ඒවා සාධාරන හේතු නොවන බවද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්යභාර නිළධාරීවරයා පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය මත මත්තල ගුවන් තොටුපලෙන් විදේශ ගතවීමට පැමිනෙන ගුවන් මගීහු අනිසි බියක් ඇති කර ගනිමින් මත්තල ගුවන් තොටුපලට නොපැමිණෙන බවද ගුවන් තොටුපල කළමණාකාරිත්වය සඳහන් කළා.
මත්තල ගුවන් තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයෙන් මේ සම්බන්දව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ගුවන් මගීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙලිවන කරුණු මත මෙම තහනම් කිරීම් සිදු කරන බවයි.