Sunday, May 5, 2024

General line - 0115112241

උතුරේ ප්‍රධාන සංඝනායක නාහිමියෝ අපවත් වෙති




අපවත් වී වදාළ යාපනය නාග විහාරාධිපති උතුරු පළාතේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය මීගහජඳුරේ ඥාණරතන නාහිමියන්ගේ දේහය අද (20) පස්වරුවේ යාපනය නාග විහාරය වෙත ගුවන් මගින් රැගෙන යාමට නියමිතයි. 

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අපවත් වන විට පනස් දෙහැවිරිදි වියේ පසුවුණා. ඥාණරතන නාහිමියන් ජාතික සමගිය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදු කළ භික්ෂූන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබෙනවා.