Sunday, May 5, 2024

General line - 0115112241

ජපානයේ ගල් අඟුරු බලාගාර උගුළට අපි හසු වෙයිද?




2030 වන විට ජපානයේ විදුලිබල ජනනයට ගල් අගුරු බලාගාරවලින් කරන දායකත්වය 26% දක්වා අඩුකිරීමට ඉලක්ක කර ඇත. 2013 ආරම්භ කල ගල් අගුරු බලාගාර වසාදැමීමේ ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම ජපාන රජයේ ප්‍රතිපත්තිය වනවා.  ඒ අනුව 2013 වසරේදි පමණක් ගිගා වොට් 6000ක ධාරිතාවයක් සහිත ගල් අගුරු බලාගාර වසාදමා ඇත. සෑම වසරකදීම ගල් අඟුරු බලාගාර ප්‍රමාණයක් වසාදැමීමට ජපානය පියවර ගනී. 2040 වන විට තවත් මෙගාවොට් 10000ක ධාරිතාවයකින් යුත් ගල් අඟුරු බලාගාර වසාදැමීමට ජපානය තීරණය කර ඇත.

මේ අතර ඊයේ (19) මෙරට කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් යෝජනා කර තිබුණේ මෙරට ගල් අඟුරු විදුලිබල ධාරිතාවය  සමස්ත ධාරිතාවයෙන් 50% දක්වා වැඩි කිරීමටයි. ජපානය පමණක් නොව යුරෝපය, අමරිකාව ඇතුළු බොහෝ රටවල් දැඩි ලෙස කාබන් විමෝචනය කරන ගල් අගුරු බලාගාර අලුතින් ඉදිකිරීම නවතා ඇති අතර පැරැණි බලාගාර පවා ඉවත්කරමින් පවතී. එවැනි වාතාවරණයකදී ශ්‍රී ලංකාව තුල මෙගා වොට් 600 බැගින් වු ගල් අගුරු බලාගාර දෙකක් ඉදිකිරීමට කළ යෝජනාව ලෝකයේ පවත්නා තත්වය පිළිබද අවබෝධයක් ඇති ව කළ එකක් නොවේ.

ගල් අගුරු බලාගාර ඉදිකිරීම නවතා ඇති ජපානය වෙනත් රටවල ගල් අගුරු බලාගාර ප්‍රවර්ධනය කරන්නේ ඇයි.  ජපානය වාර්ෂිකව සිය ගල් අගුරු බලාගාරවලින් කොටසක් ගලවා ඉවත් කරයි. මේ ඉවත් කරන ගල් අගුරු බලාගාර සදහා වෙළදපොලක් සොයාගැනීම ජපානයේ අරමුණයි. මේ සදහා යුක්රේනය, ඉන්දියාව, වියට්නාමය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් වෙළද පොල ලෙස ඉලක්ක කරගෙන තිබෙනවා. මේ රටවල් වල ගල් අගුරු ප්‍රචලිත කර තමන් ඉවත් කරන බලාගාර හා අමතර කොටස් අලෙවිය සදහා දීර්ඝකාලීන වෙළදපොලක් ගොඩනගාගැනීම සදහා ජපානයේ ගල් අගුරු බලාගාර කර්මාන්තකරුවන් ක්‍රියාකරයි. ඒ සදහා ජපානයේ ගල් අඟුරු මධ්‍යස්ථානය නම් සංවිධානයක්ද ස්ථාපිත කර ඇත. මේ මධ්‍යස්ථානය මගින් ගල් අගුරු බලාගාර ප්‍රචලිත කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒ ඒ රටවල ගල් අඟුරු ප්‍රවර්ධනය සදහා නියෝජිතයන් පත්කීරීම හා ඔවුන් පුහුණු කිරීමද එම වැඩසටහන්වලට ඇතුළත්

ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර ප්‍රවර්ධනය සදහා තෝරාගත් ඉංජිනේරු කණ්ඩායමකට පසුගිය වසරේදී පුහුණුවක් ලබා දී ඇති අතර එම පිරිසට විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් අයත් වනවා. එම වාර්තවෙහි දැක්වෙන්නේ මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාව තුල ගල් අගුරු බලාගාර ප්‍රවර්ධනය සදහා ගාමක බලවේගය වශයෙන් ක්‍රියාකරනු ඇති බවට ජපාන ගල් අගුරු මධ්‍යස්ථානය විශ්වාසය පල කරන බවයි. 

එම කණ්ඩායම ජපානයේ පැවති ගල් අගුරු තාක්ෂණය පිළිබද පුහුණුවට සහභාගි වු අවස්ථාවේ ගත් ඡායාරූපයක් පහත දැක්වේ.