Sunday, May 5, 2024

General line - 0115112241

මහාධිකරණවල නඩු ඇසීම දිනපතාම කරන්න යයි




මහාධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීමේ අරමුණින් මහාධිකරණවල නඩු විභාග කිරීම් දිනපතාම සිදු කිරීම සඳහා  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල  ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවටයි.

ජූරි සභාවක් සහිත හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයක් ම හැකි සෑම විටකදීම දිනපතා පැවැත්විය යුතු බව අපරාධ නඩු විධාන පනතේ සඳහන් ව තිබෙනවා. නමුත් දිනපතා නඩු විභාග නොපැවැත්වෙන හෙයින් නඩු විශාල සංඛ්‍යාවක් මහාධිකරණවල ගොඩගැසී ඇති බවයි අධිකරණ අමාත්‍යංශය පවසන්නේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ 2017 සැප්තැම්බර් මාසය වන විට මහාධිකරණවල විභාග වෙමින් පැවැති මුළු නඩු සංඛ්‍යාව 17565ක් බවය.