Friday, May 3, 2024

General line - 0115112241

ජර්මනියේ පිංකමක් (PHOTOS)

සමන්ත මදුර අබේසේකර/ලලිත් ගංහේවා - බර්ලින් නුවර සිට




හදිසියේ අභාවප්‍රාප්ත වූ ජර්මනියේ හිටපු තානාපති කරුණාතිලක අමුණුගම වෙනුවෙන් සත් දින දානමය පුණ්‍යකර්මයක් ඊයේ (20) බර්ලින් නුවරදී සිදු කෙරුණා.

පසුගිය 13 වැනි බදාදා කරුණාතිලක අමුණුගම අභාවප්‍රාප්ත වුණා.

ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් තානාපති කාර්යාලයේ මෙම පුණ්‍යකර්මය සිදු කෙරුනු අතර ඒ සඳහා බර්ලින් සම්බෝධි විහාරාධිපති සද්ධර්ම කීර්ති භාෂාන්තර විශාරද ජර්මනියේ සමථ බල සම්පන්න ප්‍රධාන සංඝ නායක රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්‍ෂිත දේවානන්දාභිධාන නායක ස්වාමීන් වහන්සේ, ජර්මනියේ අධිකරණ සංඝනායක රත්මලේ පුඤ්ඤරතන නායක ස්වාමීන් වහන්සේ, ගුරුදෙණියේ පඤ්ඤාකිත්ති හිමියන්, බර්ලින් විහාරවාසී රාජකීය පණ්ඩිත මහගම සුවිනීත හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ද වැඩම කළා.

මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ පළමු ලේකම් අහමඩ් රාසී, දෙවන ලේකම් තක්ෂිලා අනොල්ඩා, තෙවන ලේකම් ගාමිණි විජේරත්න ඇතුළු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූණා.

බර්ලිනයේ ලාංකික සංවිධාන නියෝජිතයින් සහ අභාවප්‍රාප්ත කරුණාතිලක අමුණුගම ඇසුරු කල පිරිසක් ද ඊට සහභාගී වී සිටියා.

ජර්මනියේ තානාපති ලෙස සේවය කරද්දී ඔහු, පළමුවෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි ජර්මන්යේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම කෙරෙහි විහාල වැඩ කොටසක් කළ තානාපතිවරයෙකු ලෙසටයි සැළකෙන්නේ.

බුදු දහම ජර්මන් ජාතිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ජර්මන් භාෂාවෙන් බෞද්ධ දේශනා පැවැත්වීම ආරම්භ කළ අතර ඉන් පළමුවැන්න බර්ලින් නුවර සුප්‍රසිද්ධ කෞතුකාගාර දේශනා ශාලාවේ පැවැත්වීමටද කටයුතු කළා.