බාල වයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කළා.
ඊට අමතරව රුපියල් 10,000 ක දඩයක් ගෙවන ලෙසත් වින්දිත දරුවාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විත්තිකරුට නියෝග කර තිබෙනවා.
සිය මව සහ සහෝදරිය සමඟ වෙසක් කලාපයට පැමිණ සිටි 11 හැවිරිදි එම දරුවාට වෙසක් කූඩුවක් සාදා දෙන බව පවසා සූක්ෂම ලෙස රවටා ගෙන කුටියක් තුළට රැගෙන ගොස් මෙම අපරාධය විත්තිකරු විසින් සිදුකර ඇති බවයි නඩු විභාගයේ දී අනාවරණ වී ඇත්තේ.