ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර 3වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය මුම්බායි නුවර වන්කඩේ කි‍්‍රඩාංගණයේදී අද (24) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7.00ට ආරම්භ වනවා. තරග 3කින් සමන්විත මෙම පන්දුවාර විස්ස තරගාවලිය 2ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.
වසර පුරා ලැබූ අමිහිරි පරාජයන්ද සමගින් අද පැවැත්වෙන් අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සැළසුම ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් පළ කෙරුණා.
ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්දික ද සේරම් විසින්.
එහිදී ඔහු සඳහන් කළේ "පිතිකරුවන් වශයෙන් අසාර්ථක වෙලා ඉන්න මේ වෙලාවේ අපි තීරණය කළ යුත්තේ කාසියේ වාසිය අපිට ලැබුණොත් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි. එතකොට අපේ පිතිකරුවන්ට පීඩනයක් නැතිව පන්දුවට පහර දෙන්න හැකි වනවා. නැතිනම් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීලා ලොකු ලකුණු සංඛ්‍යාවකට ගියොත් අපේ පිතිකරුවන්ගේ පීඩනය වැඩි වෙනවා. තරග දත්ත අනුව විවිධ ක්‍රීඩාංගණ තියෙනවා. ඒ කියන්නේ මුලින් පන්දුවට පහරදීලා ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩාංගණ..දෙවනුව පන්දුවට පහරදීලා ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩාංගණ වශයෙන්..නමුත් මේ වෙලාවේ වැදගත් වෙන්නේ ක්‍රීඩකයින්ගේ විශ්වාසය ගොඩනැගෙන්න පුළුවන් ක්‍රමවේදයක්.. ක්‍රීඩකයන්ට විශ්වාසයෙන් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රමයට අපි යා යුතුයි. දත්ත පස්සේ ගියොත් කණ්ඩායම තවත් අසරණ වෙන එකයි වෙන්නේ." යනුවෙනි.