හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දී තිබෙනවා.
ඒ, ඉකුත් පාලන සමයේ පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණ විනිසුරු ධූර සඳහා විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි. පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කරමින් මෝසමක් ගොනු කර තිබෙන බවයි එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.
ඒ අනුව විරෝධතා තිබේ නම් සති හතරක් තුළ ගොනු කරන ලෙස වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගය සඳහා මාර්තු මස 10 වනදා කැඳවන ලෙසයි නියෝග කර ඇත්තේ.