2024 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට හතරයි දශම පහත් - සියයට පහත් අතර වනු ඇතැයි අපේක්ෂා කරන බව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඉදිරි වසරේදී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බවයි ඔහු පැවසුවේ.
මහ බැංකුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.