Monday, October 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංගම සේවකයන් සහ පොලීසිය අතර වව්නියාවේදී උණුසුම් තත්ත්වයක්

දිනසේන රතුගමගේ - වවුනියාව




වව්නියාවේ ශ්‍රී  ලංගම සේවකයන් සහ පොලීසිය අතර අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 


ඒ, ශ්‍රී  ලංගම බස්රථ වව්නියාවේ නව බස් නැවතුම්පොල වෙත රැගෙනයාමට ශ්‍රී ලංගම සේවකයන් තවදුරටත් අකමැතිවීම හේතුවෙන්. 
ඉකුත් දින කිහිපයේද මේ සම්බන්ධයෙන් ගැටළු පැවතුණා.


වව්නියාවේ නව බස් නැවතුම්පොල ඉදිකර තිඛෙන්නේ රුපියල් කෝටි 20 ක් පමණ වියදම් කරමින්. පෞද්ගලික බස් හිමියන් දැනටමත් එහි සිය බස්රථ ගාල් කිරීම ආරම්භ කර තිබෙනවා.