Monday, October 21, 2024

General line - 0115112241

සෙත්සිරිපායේ ගිනි අනතුරු සංඥා හදිසියේ ක්‍රියාත්මක වෙයි

හේමන්ත කහවලගේ




බත්තරමුල්ල සෙත්සිරිපාය සංකීර්ණියේ 2වන අදියරේ 7වන මහලේ ගිනි අනතුරු සංඥා හදිසියේ ක්‍රියාත්මක වීමෙන් නොසන්සුන්තාවක් ඇති වුණා.

ගිනි අනතුරු සංඥා මෙලෙස ක්රියාත්මක වීමත් සමග ගොඩනැගිල්ල තුළ රැඳී සිටි පිරිස කඩිනමින් පහළ මහලට බැස තිබෙනවා.

කෙසේ වෙතත් පසුව සිදු කළ නිරීක්ෂණයකදී අනාවරණ වි ඇත්තේ අදාළ ගොඩනැගිල්ල තුළ ගිනි ගැනීමක් සිදුව නොමැති බවයි.

පසුව එහි සේවකයන් යළි සාමාන් පරිදී රාජකාරී ආරම්භ කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා