කතරගම ප්රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 58 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
කතරගම නගරයේ දී 20 වැනිදා අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විම හේතුවෙන් ඊයේ (21) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලන කිරීම සඳහා පොලීසිය එල්ල කළ කඳුලු ගැස් ප්රහාරයේදී කාන්තාවන් 13 ක් ඇතුළු පුද්ගලයින් 58 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
------------------------------
කතරගමම සන්සුන් වෙයි - පොලිස් වෙඩි කෑ තරුණයාගේ දේහය නිවසට (UPDATE)
(22-01-2018 07:00)
කතරගම නගරයේ තත්ත්වය මේ වනවිට සාමකාමී බව අද (22) අලුයම එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු ආර්. කේ. ආරියපාල පවසනවා.
නගරයේ විරෝධතා ඊයේ (21) පස්වරුව වනතෙක්ම පැවතුණා. ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබෙනවා.
නගරයේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන නෙත් නිවුස් වාර්තාකරු ආර්. කේ. ආරියපාල සඳහන් කළේ පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ඒම ඊයේ රාත්රියේදී සිදු කෙරුණු බවයි. අද පෙරවරු කාලයේ නගරයේ සාමකාමී තත්ත්වයක් දැකගත හැකි බවද සඳහන් කළා.
සෙනසුරාදා (20) රාතී්ර 10.55ට පමණ කතරගම නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට සිදු කළ වෙඩි තැබීමකින් යතුරුපැදි කරුවෙකු මියයාම මෙම උණුසුම් තත්ත්වයට හේතුවුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැණුනේ ඉන් පසුවයි. ඔහු තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කතරගම පොලීසිය ඉදිරිපිට සහ ඒ ආශී්රත ප්රදේශයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කතරගම ප්රදේශයට ඊයේ පිටත්කර හැරුණේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි.
නගරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් 58දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ ඊයේ උදෑසන සිට පස්වරුව තෙක් පැවැති උද්ඝෝණයට අදාළවයි. පිරිස විසුරුවා හැරිමට පොලීසියට කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට ද සිදු වුණා. අත්අඩංගුවට ගත් පිරිසෙන් 13ක් කාන්තාවන්.
---------------------------------------
කතරගම යළි උණුසුම් වෙයි.. 63ක් අත්අඩංගුවට (UPDATE)
(21-01-2018 16:15)
කතරගම පොලීසිය අසල යළි උණුසුම් තත්ත්වයක් වාර්තා වනවා.එහි රැස්ව සිටින පිරිස විසුරුවාලීමට කදුළු ගෑස් සහ බැටන් ප්රහාර දියත් කර ඇති බව ද සඳහන්. කලහලකාරි ලෙස ඇසුරුණු පුද්ගලයන් 63 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් අතර කාන්තාවන් 15 ක් ද වනවා.
අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20) රාත්රියේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඒ කතරගම නගර සීමාවේදීයි. සිද්ධියෙන් යතුරුපැදිකරු මියගියා.
---------------
කතරගම සිද්ධියේ පරීක්ෂණ CID වෙත පැවරෙයි (21-01-2018 12:51)
අණ නොතකා ධාවනය වූ යතුරුපැදි කරුවෙකුට වෙඩි තබා ඔහු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් මෙම පරීක්ෂණ භාර දී තිබෙනවා.
අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20) රාත්රියේ වෙඩි තැබීමක් සිදු කර තිබුණා. ඒ කතරගම නගර සීමාවේදීයි. සිද්ධියෙන් යතුරුපැදිකරු මියගියා.
-----------------------------
සැකකාර පොලිස් කොස්තාපල් රිමාන්ඩ් (UPDATE)
(21-01-2018 10:31)
අණ නොතකා ධාවනය වූ යතුරුපැදි කරුවෙකුට වෙඩි තබා ඔහු මරණයට පත්වීමේ සිද්ධියේ සැකපිට අත්අඩංගුවට ගත් අදාළ පොලිස් කොස්තාපල්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ලබන 30 වැනිදා දක්වායි.
--------------------------------
පොලිස් වෙඩි පහරින් යතුරුපැදි කරුවෙකු මරුට - ජනතාව සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්
(21-01-2018 06:44)
අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20) රාත්රියේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඒ කතරගම නගර සීමාවේදීයි. සිද්ධියෙන් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම සිද්ධියෙන් අනතුරුව ප්රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ද හට ගැණුනු බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
තත්ත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවනු ලැබුවා. දිගින් දිගටම මෙම පිරිස කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් ද එල්ල කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නාගහවීදිය ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. ඔහු කතරගම ප්රාදේශීය සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.
ඇතැම් පිරිස් මැතිවරණ සමයේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මෙම සිද්ධිය මුල් කරගනිමින් ක්රියා කරමින් ඇති බවටද අනාවරණය වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
කෙසේවෙතත් මේ වන විට අදාල වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.