Wednesday, May 1, 2024

General line - 0115112241

සම්බුද්ධ පාද වන්දනාවේ ගිහින් මත් වෙන්න හැදු තරුණයන්ට වෙච්ච දේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




කේරල ගංජා ළඟ තබා ගනිමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණී තරුණයන් විසිනව (29) දෙනෙකු හැටන්, වටවල, ගිනිගත්හේන යන පොලිස් ස්ථාන මගින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන අද (21) හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් හෙට (22) දින දක්වා රක‍්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මෙම සැකකරුවන් අතරින් විසි දෙදෙනෙකු හැටන් පොලිස් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් හැටන් පොලිස් සුනඛ අංශයේ කෝරා සුනඛයාගේ සහයෝගය ලබා ගනිමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් සිවිදෙනෙකු හා වටවල පොලිසිය මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් සන්තකයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම් පනස් හත්දහසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මෙම සැකකරුවන් කොළඹ හංවැල්ල පිලිමතලාව මහරගම හොරණ අවිස්සාවේල්ල සහ කළුතර  යන ප්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි පොලිසිය පැවසුවේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන විට මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන නොයන ලෙස ආරක‍්ෂක අංශ විසින් වන්දනාකරුවන් දැනුවත් කර තිබෙනවා.

එසේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන එන වන්දනාකරුවන් ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනිමට විශේෂ පොලිස් කණ්ඩායම් දිවා සහ රාත්‍රි කාලයේ රාජකාරියේ යොදවා තිබෙනවා.