පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (22) ආරම්භ වනවා.
අද දිනයේ මෙලෙස තැපැල් ඡන්දය සලකුණු කරන්නේ ශී‍්‍ර ලංකා පොලීසිය, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල සහ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවල නිලධාරීන්. තැපැල් ඡන්දයේ තවත් අදියරක් ලබන 25 සහ 26 යන දෙදින තුළද පැවැත්වෙනවා.
පොලිස් නිලධාරින් එම දින දෙකේදී ආරක්ෂාව සැපයීම සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල මෙන්ම දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවල නිලධාරීන් අධීක්ෂණ කටයුතුවල නිරත වීම හේතුවෙන් ඔවුන් අද ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කෙසේද? මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඒ පිළිබඳ මෙලෙස පැහැදිළි කළා.
"ඡන්ද දායකයන්ට නිකුත් කරන ඡන්ද පත්‍රිකාවේ තරග කරන පක්ෂවල නම් සහ සළකුණු, ස්වාධීන කණ්ඩායම් සහ එම හඳුනාගැනීමේ සළකුණු පමණක් ම්‍රද්‍රණය කරලා තියෙනවා. අපේක්ෂකයාගේ හෝ කොට්ඨාශවල නම් හෝ අංක එහි සඳහන් කරලා නෑ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔබ කැමති පක්ෂයේ නම, සළකුණ හෝ කණ්ඩායම යන වචන හඳුනා ගැනීම සහ සළකුණ ඇති තීරුවේ සළකුණට දකුණෙන් ඇති ඉඩ කොටසේ එකම එක කතිරයක් සළකුණු කරන ලෙසයි දන්වා සිටින්නේ. "
ඡන්ද පත්‍රිකාවේ වෙනත් සලකුණු යෙදීම නොකළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එසේ කිරීම ඡන්ද දායකයා හඳුනා ගැනීමට කරන ලද උත්සහයක් සේ සැළකීමට හැකි බවද සඳහන් කළා.
තැපැල් ඡන්දය නිරීක්ෂණය කළ හැකි ආකාරයද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැහැදිළි කළා. ඒ අනුව දේශපාලන පක්ෂවලට, නිරීක්ෂණ කණ්ඩායම්වලට සහ ස්වාධීන කණ්ඩායම්වලට පැමිණ අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කළ හැකියි. අදාළ අයගේ නියෝජිතයෙක් බැගින් ඊට සහභාගී විය හැකි බවත් සඳහන් කළා.
මෙවර මැතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව පන් ලක්ෂ හැට දහසක්.