Monday, May 6, 2024

General line - 0115112241

දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාව

හේමන්ත කහවලගේ




අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව පී. දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.

ඒ, පෙබරවාරී මස 11 වැනිදා දක්වායි.

බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් මෙලෙස ආරක්ෂාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ. 

මීට අමතරව විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණේ ජනාධිපති, අග‍්‍රාමාත්‍ය සහ හිටපු ජනාධිපතිවරයාටයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන සාගර රත්නායක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ, තිලක් මාරපන, රිෂාඞ් බදියුදීන් සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්ට ද මෙලෙස ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.