Monday, May 6, 2024

General line - 0115112241

'තවත් සටන් අවශ්‍යයි' - සයිටම් විරෝධී පාර්ශ්ව කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




සයිටම් ආයතනය අහෝසි කර නව ආයතන 2ක් පිහිටුවීමේ යෝජනාවට තමන් එකඟ නොවන බව සයිටම් විරෝධී පාර්ශ්ව පවසනවා.

ඒ අනුව ඉදිරියේදී තවත් සටන් ක‍්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.  

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ නොවැම්බර් 08 වැනිදා දෙමාපියන්ගේ මාරාන්තික උපවාසය අවසන් කරන්නට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ලබා දී ඇති පොරොන්දු මේ වන විට මුලුමනින්ම කඩකිරීමකට ලක්ව ඇති බවයි. 

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (21) ප‍්‍රකාශ කළේ සයිටම් ආයතනය වෙනුවෙන් පිහිටුවන නව ආයතනය වසර 05කින් අහෝසි වන බවයි. එමෙන්ම ලාභ නොලබන ආයතන ලෙස ඒවා පවත්වාගෙන යන බවද ප‍්‍රකාශ කෙරුණා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පෙන්වා දුන්නේ ගැටලුව විසඳෙන්නේ නැතිනම් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි. 

2019 යේදි ආරම්භ කරන නව ආයතනය සඳහා වෛද්‍ය අධ්‍යාපනයට නියම කර ඇති අවම සුදුසුකම සහිත දරුවන් ඇතුළත් කර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.