Monday, May 6, 2024

General line - 0115112241

මහඇමතිට එරෙහිව බලපෑම් වැඩි වෙයි




දෙමළ බාලිකා විද්‍යාලයේ ගුරුවරුන්, සේවකයන්, දෙමාපියන් ඇතුළ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් අද (22) පෙරවරුවේ එම විද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා.

පසුව ඔවුන් පා ගමනින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ විරෝධය පෑමට පියවර ගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක් වී ඇති බවයි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසුගියදා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.