Monday, May 6, 2024

General line - 0115112241

රංජන්ගේ ප්‍රකාශය සියලු විනිසුරුවරුන්ට නැරඹීමට ලබාදෙයි

අධිකරණ වාර්තාකරු




පසුගිය අගෝස්තු මස 21 වැනි දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පවසමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූවා.

එහිදී එම ප්‍රකාශයට අදාල වීඩියෝ දර්ශන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ට නැරඹීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය එහි රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළා.

රංජන් රාමනායක සිදු කර ඇති ප්‍රකාශයට අදාළ චෝදනා පත්‍රය ගොනු කිරීම එම ප්‍රකාශ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නැරඹීමෙන් පසුව එලෙඹෙන කරුණු මත සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි නීතිපතිවරයා පැවසුවේ.

මෙම පෙත්සම් දෙක සම්බන්ධයෙන් ඉදිරියේ දී මැදිහත් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වුවා. 

මේ අතර ප්‍රකාශයට අදාල සම්පූර්ණ වීඩියෝ දර්ශන ඇතුලත් සංයුක්ත තැටිය පෞද්ගලික රූපවාහිනි ආයතනය මගින් අධිකරණයට ලැබී ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කළා.  මෙම පෙත්සම් දෙක යළි මාර්තු  03 වැනි දා කැඳවීමට නියමිතයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබෙනවා.