Wednesday, May 1, 2024

General line - 0115112241

රතු භූමිතෙල්වලට අලුත් තහනමක්




රථ වාහනවලට, කර්මාන්තශාලාවලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට භූමිතෙල් නිකුත් කිරීම තහනම් කර තිබෙනවා.

ඊට අදාළ වූ නියෝගයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලූම පිරවුම්හල් වෙල ලබාදීමටයි දැනටමත් කටයුතු කර ඇත්තේ.

මෙලෙස අලෙවියට සීමා පනවා ඇත්තේ ලංකා භූමිතෙල් සඳහායි. 

මෙරට වෙළඳපොලේ ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් නමින් භූමිලෙත් වර්ග 02ක් අලෙවි කෙරෙනවා.

ලංකා භූමිතෙල් යනු රජයේ සහනාධාර යටතේ අඩු ආදායම්ලාභීන්ට හා ධීවර ජනතාව වෙත ලබාදෙන රතු පැහැයෙන් යුක්ත භූමිතෙල් විශේෂයයි.  ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 30ක්. 

කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල්වල අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් කාර්මික සහ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

බස් රථවලට මෙන්ම බවුසර් රථවලට භූමිතෙල් යෙදීම හා ඩීසල්වලට භූමිතෙල් කලවම් කර අලෙවි කරන බවටද තොරතුරු හෙළිකර ගැණුනා.  ඒ අනුව භූමිතෙල් අවභාවිතය නතර කිරීම සඳහා හදිසි වැටලීම් ද වැඩි කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ.