Wednesday, May 1, 2024

General line - 0115112241

ඊයේ තරගයෙන් පසු 'ක්‍රිකට් පොතේ' තිසර ගැන තැබූ සටහන මෙන්න

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ක‍්‍රිකට් තරගවලදී වැඩිම තරගයේ වීරයා සම්මානය දිනාගත් ක‍්‍රීඩකයින් දස දෙනා අතරට පිවිසීමට තිසර පෙරේරා සමත් වී තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (21) පැවති තරගයෙන්ද 'තරගයේ වීරයා' සම්මානය දිනාගැනීමත් සමගයි.

එහිදී ඔහු ලකුණු 33 කට කඩුලූ 04 ක් බිඳහෙලූ අතර පිත්තෙන් වේගවත් ලකුණු 39ක් ද රැස් කළා.

2012 වසරෙන් පසු තිසර පෙරේරා එක්දින පිටියේ දැක්වූ හොඳම පන්දුයැවීම ද මෙයයි.

ඊයේ ලැබූ සම්මානයත් සමග තිසර අවස්ථා 11ක දී තරගයේ වීරයා සම්මානය දිනාගෙන තිබෙනවා. එම සටහනේ පළමු තැන පසුවන්නේ සනත් ජයසූරියයි. ඔහු දිනා ඇති තරගයේ වීරයා සම්මාන ගණන 48ක්.