Wednesday, May 1, 2024

General line - 0115112241

අද පස්වරුවේ කොළඹ පාරවල් කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්




සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය වෙනුවෙන් අද (22) පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මුලස්ථානය පවසනවා.

අද පස්වරු 04.30 සිට විනාඩි 40ක පමණ කාලයක්  මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගය බේස්ලයින් පාර, බොරැල්ල ඩි.එස් වටරවුම, හොර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ලිබර්ටි වටරවුම හරහා ගාලු පාරේ ගාලු  මුවදොර දක්වා කොටස විටින් විට රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.