Wednesday, May 1, 2024

General line - 0115112241

වීරකැටිය නගරයේදී පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කරයි

ගුණරත්න ගමගේ




හම්බන්තොට වීරකැටිය නගරයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ වයස අවුරුදු 35ක් පමණ වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (22) උදෑසන සිදු වූ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු කවුරුන්දැයි හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

පෞද්ගලික ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.