Thursday, May 2, 2024

General line - 0115112241

මේ භාණ්ඩවලට බදු වැඩි කර නැතැයි මුදල් අමාත්‍යාංශය සහතික වෙයි




උම්බලකඩ, වියළි මිරිස් සහ තවත් කුළු බඩු වර්ග කිහිපයක බදු වැඩි කර ඇතැයි පළවන වාර්තා මුදල් අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කරනවා.

අදාළ වාර්තා පළවී ඇත්තේ ඉකුත් 18වනදා දිනැතිව නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් පාදක කර ගනිමින්.

එහෙත් එම ගැසට් නිවේදනයෙන් සිදු කර ඇත්තේ බදු වැඩි කිරීමක් නොව පවතින බදු සීමා තවත් මාස 6ක කාලයක් සඳහා දීර්ඝ කිරීමක් බවද මුදල් අමාත්‍යාංශය පැවසුවා.

ඒ අනුව අදාළ ආහාර ද්‍රව්‍ය තවදුරටත් පවතින මිලටම ලබා ගත හැකි බවයි අවධාරණය කෙරුණේ.