Tuesday, January 14, 2025

General line - 0115112241

සිංගප්පූරු අගමැති හා ජනපති අතර හමුවක්




නිල සංචාරක් හා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අගමැති ලී ෂියෑන් ලූන් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පුරු අගමැතිවරයා සහ එම මැතිණිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හතා සහ ජයන්ති සිරිසේන විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

 ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවුණා.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.

දෙරට අතර ආර්ථීක, වෙළ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබ මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.