එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කරන විට අපේක්‍ෂකයන්ගේ පෙර හැසිරීම් පිළිබදව හොදින් විමසා බලන්නැයි සියළු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. සැබෑ නායකයෙකු සෙසු අයට ආදර්ශයක් සහ දිරිගැන්වන්නෙක් විය යුතු බවයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුුර සමරකෝන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව අපරාධ සදහා නම ඈදුණු කිසිවෙකු හෝ සිය නියෝජිතයා ලෙස තෝරාපත් කර නොගන්නැයි ඔහු ඡන්ද දායකයන්ට සිහි කැදවුවා.
ඡන්දය ප‍්‍රකාශ කිරිමේදි අපේක්‍ෂකයන් සමග ඇති පෞද්ගලික හිතවත්කම් හෝ ඥාතිත්වය, කුලය, පක්‍ෂය වැනි වෙනත් සම්බන්ධතා නොසලකා හරින්නැයිද ඡන්දදායකයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණා.