මූල්‍ය වංචා පිළිබද අධිකරණ කාර්ය පටිපාටිය සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මහා පරිමාණ මුල්‍ය වංචා පිළිබද නඩු ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග කිරීමටත් එම නඩු කල් නොයවා දිනපතා විභාග කිරීමටත් විධිවිධාන සැලසෙනු ඇති.
මූල්‍ය වංචා පිළිබද කිසියම් නඩුවක් ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවට පමුණුවන්නේද නැතහොත් සාමාන්‍ය පටිපාටිය යටතේ විභාග කරන්නේ දැයි තීරණය කිරීමේ බලය නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පැවරීමටද අපේක්‍ෂිතයි. මීට අදාළ කැබිනට් පති‍්‍රකාව ඉතා ඉක්මනින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යාංශය පැවසුවා.