ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (23) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා.
මධ්‍යස්ථානය කලමණාකරණය කළ පුද්ගලයකු සහ ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන් 09 දෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් රත්මලාන, මොණරාගල, මාරවිල, පාදුක්ක, තවලම, අනුරාධපුරය, දෙහිවල සහ ඌරගස්මන්හංදිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සැකකරු සහ සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරීමට නියමිතය.