Tuesday, January 14, 2025

General line - 0115112241

අයවැයට ඡන්දය දෙන්න දෙමළ සන්ධාන මන්ත්‍රීවරු 15ක් කෝටි ගණනක අල්ලස් අරන්

මාධව කුලසූරිය -වවුනියාව




2018 වර්ෂයේ අයවැය වෙනුවෙන් පක්ෂව ජන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව ‍ඊ.පි.ආර්.එල්.එෆ් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ්  ප්‍රේමචන්ද්‍රන් පවසනවා.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (23) පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් සුරේෂ්  ප්‍රේමචන්ද්‍රන් ඒ බව පැවසුවා.


ඔහු පැවසුවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා අතුරින් තම පක්ෂයේ නියෝජිත ශිවශක්ති ආනන්දන් හැර අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයවැය වෙනුවෙන් පක්ෂව ජන්දය ලබාදීමට රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවයි. අදාළ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පාර්ලිමේන්තුවේදීද අදහස් දැක්වූ බව ඔහු පැවසුවා.

සුරේෂ්  ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් පැවසූවේ අයවැය වෙනුවෙන් පක්ෂය ජන්දය ලබාදීමට රුපියල් කෝටි දෙකක මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශිවශක්ති ආනන්දන් අදහස් දැක්වු අවස්ථාවේදී, අදාල මුදල් උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබාගත් බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා පවසා ඇති බවය. ඒ තුළින්ම අයවැය වෙනුවෙන් පක්ෂව ජන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට ඔප්පු වන බවද හෙතෙම පැවසුවා.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ශිවඥානම් ශ්‍රීධරන්ද අදාළ මුදල් කිලිනොච්චිය ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් යොදාගත් බවට පසුගියදා පැවසු බවද ඊ.පි.ආර්.එල්.එෆ්  නායකයා සදහන් කළා. එහෙත් අදාළ මුදල්වලින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ශිවශක්ති ආනන්දන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීිවරුන් අදාළ වාර්තාව මේ දක්වා ඉදිරිපත් කොට නොමැති බවද ඔහු පැවසුවා.

අදාළ වාර්තාව ඉදිරිපත් නොකිරීම තුළින්ම අදාළ මුදල් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට ඔප්පුවන අතර, තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්රිටයාමාර්ග වෙත යොමුවීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවා.