ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබූ ගැසට් නිවේදනයක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අත්හිටුවා තිබෙනවා. ඉකුත් 18 වැනිදා දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය අංකයක්ද වෙන්කර තිබුණා. ඒ, 2054 / 49 දරණ අංකයයි.
එසේ තිබියදී මෙම ගැසට් නිවේදනය නිකුත් නොකරන ලෙස ඉකුත් 19 වැනිදා දිනැති ලිපියකින් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දි තිබෙනවා. කෙසේවෙතත් අදාළ ගැසට් නිවේදනය මෙලෙස අත්හිටුවනු ලැබුවේ මන්දැයි මේ දක්වා කරුණු දැක්වීමක් කර නැහැ.