උතුරු පළාතේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් එම පළාතේ ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් යළි විරෝධය පළ කරනවා. උතුරු පළාතේද සිය බලය තහවුරු කර ගැනීම සදහා ඉකුත් ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් උතුරු පළාතේ මෙලෙස සිංහල ජනාවාස ඇති කරන බවයි ඔහු පවසන්නේ.
පවතින ජන අනුපාතය අනුව මහමැතිවරණයකදි උතුරු පළාතේ් කිසියම් දිස්ති‍්‍රක්කයකින් ඡන්ද 6,000 ක් හෝ 7,000 ක් පමණ ලබාගතහොත් කිසියම් අපේක්‍ෂකයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්විය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම උත්සාහ කරන්නේ උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකම එවැනි ඡන්ද සංඛ්‍යාවක් තහවුරු කර ගෙන උතුරු පළාතෙන්ද සිංහල මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට බවයි ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අදහස වන්නේ. දකුණේ පවුල් 12,000 ක් පමණ දැනටමත් උතුරේ පදිංචි කර ඇතැයිද ඔහු කියාසිටියා.
මේ අතර මුස්ලිම් වැසියන් පදිංචි කිරීම සදහා මුලතිව් දිස්ති‍්‍රක්කයෙන් ඉඩම් අක්කර දහසක් ලබාදෙන්නැයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. යුද්ධය පැවති සමයේදී එල් ටී ටී ඊ ය විසින් උතුරු පළාතෙන් පළවා හැරි මුස්ලිම් වැසියන් මෙලෙස යළි පදිංචි කරවීමට අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.
කෙසේවෙතත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. දේශපාලනික වශයෙන් මෙවැනි අදහසක් දරන උතුරු පළාත් මහ ඇමතිවරයාගේ පුතුන් විවාහ වී සිටින්නේ සිංහල කාන්තාවන් සමග වීම විශේෂත්වයකි.