Monday, May 6, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් විවාදයට සූදානම්




බැඳුම්කර විවාදය සහා පාර්ලිමේන්තුව කැවන්නේ නම් ඕනෑම අවස්ථාවක එම විවාදයට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මේ බව කියා සිටියා.

මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට ද චෝදනා එල්ල වී තිබීම විවාදය කල් දැමීමට හේතුවක්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි තත්ත්වයක් නොවන බවයි.