Tuesday, May 7, 2024

General line - 0115112241

පාක්ෂිකයන් UNPය අත්හරින්න හේතුව කියන අමාත්‍ය දුමින්ද




බැඳුම්කර සිද්ධිය හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පක්ෂය තුළ සිදුව ඇති විශාල වංචා දූෂණ නිසා පාක්ෂිකයන් පක්ෂය හැර යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම පසුගිය කාල සීමාව තුළ සිදුවූ වංචා දූෂණ සහ අපරාධ පිළිබ කඩිනමින් විමර්ශන සිදු කළ යුතු බවයි අමාත්‍ය පී හැරිසන් අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් කියා සිටියේ.