Tuesday, May 7, 2024

General line - 0115112241

කරුණා අම්මාන්ගේ සගයෙක් ජනපතිට සහය පළ කරයි (PHOTOS)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස පත් කෙරුණු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

ඒ අනුව, මහනුවර දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ලෙස අනුර මඩලූස්ස පත්වීම් ලබා ගත් අතර, මාතලේ දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ලෙස ඩබ්ලිව් එම් වීරසූරිය ජනාධිපතිවරයා අතින් පත්විම් ලිපි ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. මඩලකපුව දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ලෙස ටී කලේන්ද්‍රන් මෙහිදී පත්වීම් ලිපි ලබා ගත්තා.

මේ අතර, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වන

කේ කේදීස්වරන් අද (26) ජනාධිපතිවරයාගේ වැඩපිළිවළට සහය දැක්වීමට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.