Monday, May 6, 2024

General line - 0115112241

ජනතා අවශ්‍යතාවයන් ඉටු කළා - අගමැති




පැවති ආණ්ඩුවට වඩා වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාව ඉල්ලා සිටි බොහෝ දේ ලැබී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

මහරගම නගරයේ අද (26) පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප‍්‍රචාරක රැුලියක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුවේ විනිවිද භාවය ගැන ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙයට පෙර ජනතාවට නොලැබුණු අවස්ථා රැසක් වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට හිමිව ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.