Tuesday, May 7, 2024

General line - 0115112241

නිදහස් සමරු උළෙල නිසා කොළඹ පාරක් දින 6ක් උදේ වරුවේ වසා දැමේ




නිදහස් සමරු උළෙලේ පෙරහුරු සඳහා කොළඹ ගාළු මුවදොර වටරවුමේ සිට පැරණි පාර්ලිමේන්තු වටරවුම දක්වා මාර්ගය ජනවාරි 27, 28, 31, පෙබරවාරි 01, 02 සහ 03 උදෑසන කාලයේ වසා තැබෙනවා.

කොළඹ නාගරික රථ වාහන කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක පැවසුවේ උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙන බවයි. විකල්ප මාර්ග භාවිත කිරීමෙන් සිදුවන අපහසුතාව වළකාගන්නැයි රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.