දේශපාලන පක්‍ෂවල නායකයන් සිදුකරන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය මේ බව කියාසිටියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිදුකර ඇති ඉල්ලීම පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදියි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඒ ඒ පළාත් පාලන ආයතනවලට අදාළ එක් ස්ථානයක සිදු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ජනාධිපතිවරයා ඊයේ ප‍්‍රකාශ කළා. ඡන්ද ගණන් කිරීමේ කටයුතු වෙන් වෙන්ම සිදුකළ හොත් එම ස්ථානවලට වෙන වෙනම ආරක්‍ෂාව සැපයීමට සිදුවන බවත් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යම් බලපෑම් ඇති විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදි මේ බව අනාවරණ කෙරුණා.