Monday, May 6, 2024

General line - 0115112241

තමන් ද්‍රෝහි වන හේතු ජනපති පෙන්වයි

හර්ෂිකා සංජීවනී




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට තමන් ද්‍රෝහී නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත අවධාරණය කරනවා.

එහෙත් දූෂණයට, වංචාවට, නාස්තියට සහ පවුල්වාදයට තමන් ද්‍රෝහි වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

රත්නපුරයේ ඊයේ (27) පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියක දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

ඉකුත් ආණ්ඩුව සමයේ තමන් අමාත්‍යවරයෙකුව සිටි වකවානුව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. 

"මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට එදා ද්‍රෝහි වුණේ නෑ.. මම අද එක්සත් ජාතික පාක්ෂිකයින්ටත් ද්‍රෝහි වෙලා නෑ.. මම ද්‍රෝහි වන්නේ දූෂණයටයි.. යූ.එන්.පී ද ශ්‍රී ලංකාද.. කොතනද එය එන්නේ මම ප්‍රශ්නයක් නෑ..ඒ ඕනම කෙනෙකුට දෙන්න තියෙන ඉහළම දඬුවම් දෙන්න මම පියවර ගන්නවා. හිරේද දාන්නේ.. අපායෙද යවන්නේ.. මම ඒ ඕන එකකට අවශ්‍ය කටයුතු කරනවා. මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා..බලයට පත් කරන්න පළවෙනි ජනාධිපතිවරණ ඡන්දෙදි මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නවාද කියලා මම මේ රටේ ජනතාවගෙන් අහනවා. 2005 දී සමහර කැබිනට් ඇමතිවරු එතුමාව දාලා ගියා. මහින්දට පක්ෂයේ දොරවල් වැහුනා. මහින්ද රාජපක්ෂ මට හැම වෙලාවෙම කතා කළේ මල්ලි කියලා..එතුමා අගමැතිවෙනකම්ම මම කතා කළේ මහින්ද අයියේ කියලා.. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා යුද්දෙ කරන්න අපි වගේ දසමහා යෝධයෝ හිටියා.."