Thursday, May 9, 2024

General line - 0115112241

වත්මන් හා හිටපු ජනපතිවරුන්ගේ පුතුන් ජන්ද සටනට දේශපාලන වේදිකාවලට නගී




දේශපාලන වේදිකාවේ මේ දිනවල පවතින්නේ උණුසුම් වාදවිවාද. එහෙත් දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් දකින් චරිත අතර දේශපාලන වේදිකාවට අද (28) අළුත් චරිත දෙකක් පැමිණියා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂයි.

පොලොන්නරුව ප්‍රදේශයේ පැවැති රැළියක දී අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන කියා සිටියේ හොර, දූෂණ සහ වංචාවට සම්බන්ධ පිරිස් අද එකට එක්ව ඇති බවයි.

මේ අතර කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ඉල්ලා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය ලබාදෙමින් එම පක්ෂයේ ජය තහවුරු කරන ලෙසයි.