Saturday, May 4, 2024

General line - 0115112241

'නෙත්' දායකත්වයෙන් 'කොස්' සිටුවයි (PHOTOS)




නෙත් එෆ්. එම්. රේඩියෝවේ ද දායකත්වයෙන් ත‍්‍රීකුණාමල දිස්ත‍්‍රික්කය පුරා කොස් පැළ දහසක් සිටුවීමේ වැඩසටහන අද (29) ආරම්භ වුණා.

පළමු අදියර යටතේ පාසල්, ආගමික ස්ථාන මෙන්ම රජයේ කාර්යාල හා ත‍්‍රිවිධ හමුදා කඳවුරු වෙත කොස් පැළ ලබාදීම සිදු වනවා.

එහි සමාරම්භක උත්සවයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ද සහභාගී වුණා. 

මෙම වැඩසටහන ත‍්‍රීකුණාමලයේ ජනතාවගේ අනාගතයට ඉතා වැදගත් බවයි ත‍්‍රීකුණාමල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. නිමල් පෙරේරා මෙහිදී සඳහන් කළේ. 

මෙම වැඩසටහන සඳහා කොස් පැළ ලබාදීම සිදු කළේ නෙත් එෆ්. එම්. රේඩියෝවේ මැදිහත්වීමෙන්. 

(ඡායාරූප පහතින් දැක්වෙයි)

-----------------------------------

කොස් පැළ දහසක් සිටුවීමේ වැඩසටහනක්

(29-01-2018 06:20)

 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ද දායකත්වයෙන් ත‍්‍රීකුණාමල දිස්ත‍්‍රික්කය පුරා කොස් පැළ දහසක් සිටුවීමේ වැඩසටහනක් ක‍්‍රියාවට නංවා තිබෙනවා.

ඒ, දිස්ත‍්‍රික්කය පුරා පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින්.

ඒ පිළිබඳ අදහස් දක්වන ත‍්‍රීකුණාමල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. නිමල් පෙරේරා සඳහන් කළේ " මේ පළාතේ කිසිදු ආකාරයක හොඳ කොස් වගාවක් නැහැ. මේ පළාතේ කොස් අවශ්‍යතාව මෙතෙක් සපුරාගෙන තිබුණේ පිට පළාත්වලින් ගෙන්වාගෙනයි. ඒ අනුව තමයි මේ අදහස ගැන ක්‍රියාත්මක වුණේ." යනුවෙනි.

පාසල්, ආගමික ස්ථාන හා රජයේ කාර්යාලවලට පළමු අදියර යටතේ කොස් පැළ බෙදා දීමට නියමිතයි. ත‍්‍රිවිධ හමුදා කඳවුරුවල ද කොස් පැළ සිටුවීමට පියවර ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.