Thursday, May 9, 2024

General line - 0115112241

උතුරේ මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් වූ ප්‍රදේශයක් ජනතාවට විවෘත කරයි (PHOTOS)

දිනසේන රතුගමගේ




කිලෝ මීටර් තුනක් දුරට පැවති අධි ආරක්ෂිත කලාපයක් පෙබරවාරි මස 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමීව මහජනයා සඳහා විවෘත කිරීමට උතුරේ ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා.

ඒ යාපනයේ පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගයේ කොටසකුයි. 

ඒ අනුව පෙබරවාරි මස 04 වැනිදා සිට සාමාන්‍ය වැසියන්ට එම මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව උදා වෙනවා.

විශේෂයෙන්ම මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව විසින් මෙම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි අතර එම නිලධාරීන් මේ වන විට එම පළාතෙන් කිලෝ මීටර් 20 ක් පමණ උතුරු දෙසට ගමන් කර ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගය සාමාන්‍ය වැසියන් සඳහා යළි විවෘත වීමත් සමගම එම ගම්මානවල වැසියන්ට පෙරට වඩා කිලෝ මීටර් 12 ක් පමණ අඩුවෙන් දුර ගෙවා ඔවුන්ගේ ගම්මානවලට යාමට අවස්ථාව උදා වෙනවා.