Wednesday, May 8, 2024

General line - 0115112241

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

දිනසේන රතුගමගේ




එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වා තිබෙනවා.

ඒ, වව්නියාවේ පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පිටු 15කින් යුත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මුලින්ම සඳහන් වී ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා කැපවන බවයි.