Wednesday, May 8, 2024

General line - 0115112241

ජයග්‍රහණයට හේතුව හතුරුසිංහ ද? - චන්දිමාල් කිව්ව කතාව




බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පිලට නව පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ලැබුණු දායකත්වය පිළිබඳව කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අදහස් පළ කර තිබෙනවා.

මෙම තරගාවලියට සහභාගිවීමට බංග්ලාදේශයට යද්දී දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිල තරගාවලිය ආරම්භයේදි පරාජයන් දෙකකට මුහුණ දී තිබුණා. එහෙත් අවසානයේදී නැවත තරගාවලියට සාර්ථකව අවතීර්ණ වී කුසලානය කරා යාමට පුහුණුකරුගේ විශිෂ්ට දායකත්වය කැපී පෙනෙනු සාධකයක් වූ බවයි චන්දිමාල් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

‘ඔහු හොඳ පුහුණුකරුවෙක් බව අපි සියලුදෙනාම දැන සිටියා. ඔහු අපේ විශ්වාසය වැඩි කළා. ඒක තමයි ලොකුම දේ වුණේ.’  යනුවෙන් දිනේෂ් චන්දිමාල් පවසා තිබෙනවා.

තම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම උපරිම අයුරින් ක්‍රීඩා කළ බවත්, සැලසුම් සහගතව තරගයට අවතීර්ණ වූ බවත් ශ්‍රී ලංකා පිලේ නායකයා වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.